එංගලන්තයේ වීථි සැරූ ක්‍රීඩකයන් 03 දෙනා පංච පුද්ගල විනය කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලබන බ්‍රහස්පතින්දා (29 වැනිදා) විශේෂ පංච පුද්ගල විනය කමිටුවට හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ විනය කමිටුව එදින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස්වීමට නියමිතය.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »