වික්ටෝරියා Lockdown තත්වය ඉවත් කරන්නේද නැද්ද – තීරණය අද – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා Lockdown තත්වය ඉවත් කරන්නේද නැද්ද – තීරණය අද

වික්ටෝරියා Lockdown තත්වය ඉවත් කරන්නේද නැද්ද – තීරණය අද

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය ඉවත් කරන්නේද නැද්ද යන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

දැනට පවතින Lockdown තත්වය අද (27) රාත්‍රී 12 ටයි අවසන්වීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව Lockdown තත්වය පිළිබඳ නිවේදනය ඊයේ ලබාදීමට නියමිත වුවද අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් එය කල් දැමූ බවයි වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ.

කෙසේවෙතත් බොහෝ දුරට අද දිනයේදී සුබවාදි ආරංචියක් ලැබෙනු ඇති බවටද ඔහු ඉගියක් පළකලා.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ නැග ඇත.