මෙල්බර්න් විරෝධතා කල දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව නීතිමය පියවර

නිරෝධායන නීති කඩකරමින් මෙල්බර්න් නගර මධ්‍යයේ ඊයේ විරෝධතා කල දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට වික්ටෝරියා පොලිසිය සූදානම් වෙයි.

වීඩියෝ දර්ශන නරඹමින් හැකිතාක් පුද්ගලයන් හඳුනාගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කලේ.

තත්වය අවසන් කරන ලෙස ඉල්ලමිනුයි මෙල්බර්න් – සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවල ඊයේ දැවැන්ත විරෝධතා පැවැත්වුණා.

කෙසේවෙතත් වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් පෙන්වා දෙන්නේ ඩෙල්ටා වෛරසයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන මෙවැනි අවස්ථාවක වෛරස ව්‍යාප්තියට ඉවහල්වන මෙවැනි විරෝධතා පැවැත්වීම කිසිදු අයුරකින් අනුමත කල නොහැකි බවයි.

විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කලා.

විරෝධතාකරුවන්ගෙන් බහුතරයක් මුව ආවරණ පැළඳ නොසිටීමද විශේෂත්වයක්.

 

Pic – 9News

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »