වික්ටෝරියාවෙන් ආසාධිතයන් හමුවීම නිසා ප්‍රාන්ත සීමාව වසා දැමීමට බටහිර ඔස්ටේ්‍රලියාව පියවර ගනී

මෙල්බර්න් නගරය ආශ්‍රිකව කොවිඩ් ආසාධිතයන් 08 දෙනෙකු වාර්තාවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමාව වසා දැමීමට බටහිර ඔස්ටේ්‍රලියා රජය පියවර ගෙන තිබේ.

ප්‍රාන්ත අගමැති Mark McGowan නිවේදනය කලේ අඩු අවධානම් කලාපයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කරමින් මෙම තීරණය ගත් බවයි.

මේ අනුව වික්ටෝරියා සිට බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක කාලයක් හුදකලාව සිටිය යුතුය.

අවධානම් ස්ථාන ලෙස නම් කර ඇති කලාපවල සිට දැනටමත් පැමිණ ඇති අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී හුදකලාව සිටිය යුතුයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වූ මුලු ආසාධිතයන් ගණන 08 දක්වා ඉහළ යයි.

මින් 04 දෙනෙකු Ariele apartments නිවාස සංකීර්ණයෙන් වාර්තා වූ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වෙති.

මින් එක් අයෙකු MCG ක්‍රීඩාංගණයේ පැවති තරගයක් නැරඹීමට යාම නිසා එම ක්‍රීඩාංගණයද මේ වනවිට අවධානම් ලැයිස්තුවට නම් කර ඇත.

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »