මෙල්බර්න් හි රිය අනතුරකින් ලාංකික තරුණයෙකු මරුට

මෙල්බර්න් හි Ballarat, Corindhap ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කුෂාන් නිරෝෂණ නම් තරුණයෙකි.

රෝහලට ගෙනයන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර සිටී.

ඊයේ පස්වරු 06 ට පමණ Ballarat – Colac මාර්ගයේදී මෝටර් රථය ගසක ගැටීමෙන් තරුණයා මියගොස් ඇත.

Ballarat හි සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී කුෂාන් මෙම ඛේදවාචකයට මුහුණ දුන්නේය.

Pic – Facebook

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »