රටට ගෙන්වා ගන්නා සංඛ්‍යාව අඩු කිරීම ගැන සුව ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

මව් බිමට පැමිණීමට නොහැකිව රටවල් රැසක සිටින ඔස්ටේ‍රලියානුවන් අමතක කර දමා නොමැති බව සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසයි.

රජය ඊයේ නිවේදනය කලේ සතිපතා රටට ගෙන්වා ගන්නා පුරවැසියන් සංඛ්‍යාව 6000 සිට 3000 දක්වා අඩු කිරීමට තීරණය කල බවයි.

එහෙත් ඔස්ටේ්‍රලියානුවන් ප්‍රතික්ෂේප කිරීමක් එමගින් හැඳින්වීමක් සිදු නොවන බව ඇමතිවරයා පෙන්වා දෙනවා.

Howard Springs හි ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නංවා රටට ගෙන්වා ගන්නා පිරිස වැඩි කිරීම රජයේ සැළසුම වී ඇතැයිද ඔහු කියාසිටියා.

විදේශයන් හි සිට පැමිණෙන බොහෝ පිරිසක් සතුව තිබී ඩෙල්ටා වෛරස ප්‍රභේදය හමුවීමත් සමගයි රටට ගෙන්වා ගන්නා සංඛ්‍යාව සියයට 50 කින් කප්පාදු කිරීමට රජය තීරණය කලේ.

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »