Day: July 3, 2021

රංජන්ට ජනාධිපති සමාව දෙන්නැයි කරූගෙන් ඉල්ලීමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාලව සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම කෙරෙහි සලකා බලන්නැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති සමාව යටතේ රංජන් රාමනායක සම්බන්ධයෙන් ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් සලකා බලන්නැයි ඉල්ලා සිටින බවයි. රංජන් රාමනායක යනු දකුණු ආසියාවෙම ප්‍රසිද්ධියක් ලබා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවත් නිහතමානී අයෙක් බවත් කරූ ජයසුරිය සිහිපත් කරනවා. රන්ජන් රාමනායක

Read More »

රටට ගෙන්වා ගන්නා සංඛ්‍යාව අඩු කිරීම ගැන සුව ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

මව් බිමට පැමිණීමට නොහැකිව රටවල් රැසක සිටින ඔස්ටේ‍රලියානුවන් අමතක කර දමා නොමැති බව සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසයි. රජය ඊයේ නිවේදනය කලේ සතිපතා රටට ගෙන්වා ගන්නා පුරවැසියන් සංඛ්‍යාව 6000 සිට 3000 දක්වා අඩු කිරීමට තීරණය කල බවයි. එහෙත් ඔස්ටේ්‍රලියානුවන් ප්‍රතික්ෂේප කිරීමක් එමගින් හැඳින්වීමක් සිදු නොවන බව ඇමතිවරයා පෙන්වා දෙනවා. Howard Springs හි ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නංවා රටට ගෙන්වා ගන්නා පිරිස වැඩි කිරීම රජයේ සැළසුම වී ඇතැයිද ඔහු කියාසිටියා. විදේශයන් හි සිට පැමිණෙන බොහෝ

Read More »

වික්ටෝරියා නිරෝධායන රෙගුලාසි කඩ කල 05 කට $5000 බැගින් දඩ

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමෙන් පසු අනිවාර්ය නිරෝධායන කාලසීමාවේදී නිරෝධායන රෙගුලාසි කඩ කල පුද්ගලයන් 05 දෙනෙකුට ඩොලර් 5000 බැගින් දඩ නියම කර තිබේ. ප්‍රාන්ත ප්‍රධාන පරීක්ෂණ නිළධාරී Jeroen Weimar පැවසුවේ නිවාස නිරෝධායනය පිළිබඳ අධීක්ෂණය කරන නිළධාරීන් විසින් මොවුන් නීති කඩා එළිමහනට ගොස් ඇතැයි වාර්තා කර ඇති බවයි. වෙනත් ප්‍රාන්තවල රතු කලාපවල (Red Zones) සිට පැමිණ ඇති 13,000 කට ආසන්න පිරිසක් මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඉන් සියයට 44 ක් පමණක් මේ දක්වා Negative ප්‍රථිඵල

Read More »

NSW කොවිඩ් පොකුරට තවත් 35 ක් / බ්‍රිස්බන් Lockdown ඉවතට / වික්ටෝරියා අගමැති දෙවන මාත්‍රාවත් ගනී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබේ. ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් Lockdown කර අදට සතියක් ගතවී ඇතත් කොවිඩ් ව්‍යාප්තිය පාලනයවීමක් දක්නට නොලැබෙන බවයි NSW සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඊයේ හමුවූ ආසාධිතයන් අතුරින් 09 දෙනෙකු වෛරසය තිබියදී සමාජය තුළ සැරිසරා ඇති බවද වාර්තා වෙයි. මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 05 ක් වාර්තා විය. එහෙත් Greater Brisbane සහ Moreton Bay ප්‍රදේශවල ක්‍රියාත්මක Lockdown තත්වය අද පස්වරු 06

Read More »

අඛණ්ඩව 03 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු නෑ

අඛණ්ඩව 03 වන දිනයටත් ගතවූ පැය 24 තුළදීත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. ඊයේ දිනයේදී ප්‍රාන්තයේ සිදුකර ඇති පරීක්ෂණ ගණන 24,247 කි. එමෙන්ම 20,000 කට ආසන්න එන්නත් මාත්‍රා ප්‍රමාණයක්ද ලබාදී තිබිණ. වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසන්නේ දැනට ප්‍රාන්තය තුළ ප්‍රතිකාර ලබමින් සිටින ආසාධිතයන් ගණන 30 ක් බවයි.

Read More »