
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් Lockdown කර අදට සතියක් ගතවී ඇතත් කොවිඩ් ව්‍යාප්තිය පාලනයවීමක් දක්නට නොලැබෙන බවයි NSW සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඊයේ හමුවූ ආසාධිතයන් අතුරින් 09 දෙනෙකු වෛරසය තිබියදී සමාජය තුළ සැරිසරා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 05 ක් වාර්තා විය.
එහෙත් Greater Brisbane සහ Moreton Bay ප්‍රදේශවල ක්‍රියාත්මක Lockdown තත්වය අද පස්වරු 06 සිට ඉවත් කරන බවයි ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk කියාසිටියේ.

මේ අතර වික්ටෝරියා අගමැති Daniel Andrews ඊයේ දිනයේදී ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ.
Pic – facebook