
මව් බිමට පැමිණීමට නොහැකිව රටවල් රැසක සිටින ඔස්ටේරලියානුවන් අමතක කර දමා නොමැති බව සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසයි.
රජය ඊයේ නිවේදනය කලේ සතිපතා රටට ගෙන්වා ගන්නා පුරවැසියන් සංඛ්‍යාව 6000 සිට 3000 දක්වා අඩු කිරීමට තීරණය කල බවයි.
එහෙත් ඔස්ටේ්‍රලියානුවන් ප්‍රතික්ෂේප කිරීමක් එමගින් හැඳින්වීමක් සිදු නොවන බව ඇමතිවරයා පෙන්වා දෙනවා.

Howard Springs හි ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ පහසුකම් ඉහළ නංවා රටට ගෙන්වා ගන්නා පිරිස වැඩි කිරීම රජයේ සැළසුම වී ඇතැයිද ඔහු කියාසිටියා.
විදේශයන් හි සිට පැමිණෙන බොහෝ පිරිසක් සතුව තිබී ඩෙල්ටා වෛරස ප්‍රභේදය හමුවීමත් සමගයි රටට ගෙන්වා ගන්නා සංඛ්‍යාව සියයට 50 කින් කප්පාදු කිරීමට රජය තීරණය කලේ.
