
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාලව සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම කෙරෙහි සලකා බලන්නැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති සමාව යටතේ රංජන් රාමනායක සම්බන්ධයෙන් ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් සලකා බලන්නැයි ඉල්ලා සිටින බවයි.
රංජන් රාමනායක යනු දකුණු ආසියාවෙම ප්‍රසිද්ධියක් ලබා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවත් නිහතමානී අයෙක් බවත් කරූ ජයසුරිය සිහිපත් කරනවා.

රන්ජන් රාමනායක බන්ධනාරය තුළ කල්ගෙවන්නේ යහපත් සෞඛ්‍ය තත්වයකින් නොවන බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.
එබැවින් රන්ජන් රාමනායක වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා මෙම ඉල්ලීම සලකා බලන්නැයිද කරූ ජයසූරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කරනවා.
