වික්ටෝරියා නිරෝධායන රෙගුලාසි කඩ කල 05 කට $5000 බැගින් දඩ

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමෙන් පසු අනිවාර්ය නිරෝධායන කාලසීමාවේදී නිරෝධායන රෙගුලාසි කඩ කල පුද්ගලයන් 05 දෙනෙකුට ඩොලර් 5000 බැගින් දඩ නියම කර තිබේ.

ප්‍රාන්ත ප්‍රධාන පරීක්ෂණ නිළධාරී Jeroen Weimar පැවසුවේ නිවාස නිරෝධායනය පිළිබඳ අධීක්ෂණය කරන නිළධාරීන් විසින් මොවුන් නීති කඩා එළිමහනට ගොස් ඇතැයි වාර්තා කර ඇති බවයි.

වෙනත් ප්‍රාන්තවල රතු කලාපවල (Red Zones) සිට පැමිණ ඇති 13,000 කට ආසන්න පිරිසක් මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඉන් සියයට 44 ක් පමණක් මේ දක්වා Negative ප්‍රථිඵල ලැබී ඇති අතර (Orange Zones) සිට පැමිණි 48,000 කින් Negative ප්‍රථිඵල ලැබී ඇති සංඛ්‍යාව සියයට 41 ක්.

ඊයේ දිනයේදී ආරක්ෂක අංශවල දායකත්වයද ඇතිව නිරෝධායන නිවාස 200 ක් පමණ පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදීයි මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »