රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

2020 මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට ටික වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම්දෙනු ලැබුවා.

වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක්ද ලබාදීමට නියමිතයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් කිසිදු පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවූයේ නැහැ.

කෙසේවෙතත් සමස්ත දිවයිනෙන්ම ඡන්ද දෙ ලක්ෂ 49 දහස් 435 ක් එනම් සියයට 02 යි දසම 01 යි 05 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමිකරගත් ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවුණා.

මාස 10 කට වැඩි කාලයක් පුරා එය පුරප්පාඩුව පැවති අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එම මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ දිවුරුම්දෙනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »