ඔස්ට්‍රේලියා එන්නත්කරණ වැඩපිළිවෙල තවත් පමා වන ළකුණු / වික්ටෝරියා රජය Pfizer එන්නත් ගබඩා කරයි

ඔස්ට්‍රේලියාව තුල වයස අවුරුදු 60ට වඩා අඩු පුද්ගලයින් හට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය පසුගිය සිකුරදා තීරණය කලේය.

AstraZeneca එන්නත හා සම්බන්ධ දුර්ලභ තත්වයක් වන රුධිරය කැටිගැසීමේ තත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් දෙදෙනකු මිය යාමත් සමග රජය මෙම තීරණයට එළඹ තිබේ.

මේ අනුව AstraZeneca එන්නත අවම වශයෙන් වයස අවුරුදු 60ට වඩා වැඩි පිරිස සඳහා ලබාදෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ මින් පෙර AstraZeneca එන්නත එක් වරක් ලබාගත් වයස අවුරුදු 60 ට වඩා අඩු වයසේ සිටින පුද්ගලයින් ඔවුන්ගේ මීළඟ මාත්‍රාව වශයෙන්ද AstraZeneca එන්නතම ලබාගන්නා ලෙසයි.

මේ අනුව වයස අවුරුදු 40 සිට 59 දක්වා වන කාණ්ඩය තුල සිටින පුද්ගලයින් හට Pfizer එන්නත ලබාදෙන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටී.

මේ අතර මෙම වෙනස් කිරීම ඔස්සේ ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබාදීමේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි ඉල්ලුම මත වික්ටෝරියා ප්‍රාන්තය සිය Pfizer එන්නත් මාත්‍රා ගබඩා කිරීම ආරම්භ කොට ඇති නමුත් මධ්‍යම රජය සඳහන් කොට සිටින්නේ එවැන්නක් සිදු කිරීම අනවශ්‍ය බවයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »