Search

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නීති ක්ෂේත්‍රයේ නියැළෙන ඕනෑම නීතිඥවරයෙකුට තම වෘත්තීය ජීවිතය තුල ලැබිය හැකි ඉහළම අවස්ථාවක් ලෙසටයි Lawyers Weekly Partner of the Year Awards සම්මාන උළෙල සැලකෙන්නේ.

ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අංශ කිහිපයක් යටතේ පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ Wills and Estate Partner of the Year කාණ්ඩය යටතේ අවසන් 10 දෙනා අතරට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම Wills and Estate අංශයේ හොඳම දස දෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකු පැමිණීම සුවිශේෂී කරුණක්.

සම්මාන උළෙලේ අවසන් ජයග්‍රාහකයා ලබන ජුනි මස 20 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය 2023 වසරේදීත් නීතිඥ Shawn Mendis මෙම සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබුණා.

දැනට ඔස්ට්‍රේලියාවේ නීතිමය කටයුතු සිදු කරමින් සිටින නීතිඥ Shawn Mendis, Essendon, Pakenham සහ Melbourne CBDහි කාර්යාල පවත්වාගෙන යමින් සිය සේවා කටයුතුවල නිරත වනවා.

ඔස්ට්‍රේලියාව වැනි විදෙස් රටකදී ශ්‍රී ලාංකිකයෙකු මෙවැනි සම්මානයකට සුදුසුකම් ලැබීම ඔස්ට්‍රේලියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ජීවත් වන ලාංකිකයන්ට ද ආඩම්බරයක්.

ඔහුට මෙම සම්මානය ලබා ගැනීමට හැකිවේවා යන්න ඔස්ට්‍රේලියාවේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »