“නීතිමය ගැටලුවලින් පැරදුණහොත් ලාංකික පවුල අනිවාර්යෙන්ම ලංකාවට පිටුවහල් කරනවා”

ආන්දෝලනයට තුඩුදී ඇති ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලට අදාළ නීතිමය ගැටලුවලින් ඔවුන් පරාජයට පත්වුවහොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට පිටුවහල් කර යවන බව සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පවසයි.

ව්‍යාජ ලෙස දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන්ට ඔස්ටේ්‍රලියාව තුළ පදිංචියට ඉඩකඩ සැළසීම මිනිස් ජාවාරම්කරුවන්ට රුකුළක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම පවුල ක්‍රිස්මස් දූපතෙන් ඉවත් කර පර්ත් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයකට යැවීම කිසිදු අයුරකින් ඔවුන්ට ඔස්ටේ්‍රලියාව තුළ පදිංචිවීමට දුන් වීසා බලපත්‍රයක් නොවන බව ඇමතිවරයා අවධාරණය කර සිටී.

බෝට්ටු මගින් පැමිණෙන්නන් මෙරට පදිංචි කිරීම දීර්ඝ කාලයක සිට ඔස්ටේ්‍රලියාව ප්‍රතිපත්තිය නොවන බවද සංක්‍රමණ ඇමති Alex Hawke කියයි.

සංක්‍රමණ කරුණු පිළිබඳ දැඩි ප්‍රතිපත්ති නොගැනීම මිනිස් ජාවාරම්කරුවන්ට කරන උපකාරයක් බවද ඔහු පෙන්වා දෙනවා.

 

Pic – ABC News: Matt Roberts

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »