කොරෝනා වැළඳී ඇති බව නොදැන මෙල්බර්න් පුරා ගිය Delivery driver නිසා අලුත් අවධානමක්

වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් එක් ආසාදිතයෙකු හේතුවෙන් බරපතල අවදානම් තත්ත්වයක් මතුව තිබේ.

එම ආසාදිතයා මෙල්බර්න් නුවර විශාල ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක භාණ්ඩ බෙදාහැරීමේ රියදුරෙකු (Delivery driver) වන අතර වයිරසය ආසාදනය වී තිබියදී තම රාජකාරී කටයුතු සඳහා ඔහු ප්‍රදේශ ගණනාවක සැරිසරා තිබීම ඊට හේතුව වී ඇත.

මෙම පුද්ගලයා හට වයිරසය ආසාදනය වුවද කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවත් එනිසාම ඔහු සාමාන්‍ය පරිදි තම රාජකාරී කටයුතු සිදු කළ බවත් වාර්තා වේ.

මෙම ආසාදිතයා Epping, Dandenong, Craigieburn උප නගර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල වයිරසය ආසාදනය වී තිබියදී සැරිසරා ඇති අතර ඒ හේතුවෙන් ඔහු ආ ගිය ස්ථාන 20 ක් පමණ වූ ලැයිස්තුවක් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මැයි 18

  • Vic fields Summerhill Shopping Centre, Reservoir – 16:20 සිට 17:30
  • Khalsa Sweets and Snacks, Epping – 12:20 සිට 13:10
  • Erol’s Fruit Shop, Wollert – 11:25 සිට 12:10
  • Hamara Bazaar, Wollert – 10:30 සිට 11:30

මැයි 19

  • Bestway Supermarket, Lonsdale Street, Dandenong – 12:15 සිට 13:15
  • Bestway Supermarket, Cleeland Street, Dandenong – 13:00 සිට 13:40
  • Marmara Halal Meats, Dandenong, 11:35 සිට 12:25
  • Sabrini Foods, Carrum Downs – 14:00 සිට 18:00
  • Spice Inn Groceries, Cleeland Street, Dandenong – 13:00 සිට 13:40
  • Indiagate Spices & Groceries, Epping – 09:45 සිට 10:30

මැයි 22

  • Epping Spices & Nuts Grocery Store, Epping – 09:00 සිට 21:00
  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30

මැයි 23

  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30

මැයි 24

  • Epping Spices & Nuts Grocery Store, Epping – 09:00 සිට 21:00

මැයි 25

  • Epping Spices & Nuts Grocery Store, Epping – 09:00 සිට 21:00
  • Dosa Hut Craigieburn – 17:45 සිට 19:15
  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30

මැයි 26

  • Epping Spices & Nuts Grocery Store – 09:00 සිට 21:00
  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30

මැයි 27

  • Healthy India, on Broadway, Reservoir – 09:30 සිට 14:00

ඉහත ස්ථාන වලට අදාළ දින වලදී සහ සහ අදාළ වේලාවන් හිදී ගොස් ඇති පුද්ගලයින් වෙතොත් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර දින 14 ක් නිරෝධායනය විය යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වයි.

Source : SBS / VIC Health Dept

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »