Day: May 29, 2021

කොරෝනා වැළඳී ඇති බව නොදැන මෙල්බර්න් පුරා ගිය Delivery driver නිසා අලුත් අවධානමක්

වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් එක් ආසාදිතයෙකු හේතුවෙන් බරපතල අවදානම් තත්ත්වයක් මතුව තිබේ. එම ආසාදිතයා මෙල්බර්න් නුවර විශාල ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක භාණ්ඩ බෙදාහැරීමේ රියදුරෙකු (Delivery driver) වන අතර වයිරසය ආසාදනය වී තිබියදී තම රාජකාරී කටයුතු සඳහා ඔහු ප්‍රදේශ ගණනාවක සැරිසරා තිබීම ඊට හේතුව වී ඇත. මෙම පුද්ගලයා හට වයිරසය ආසාදනය වුවද කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවත් එනිසාම ඔහු සාමාන්‍ය පරිදි තම රාජකාරී කටයුතු සිදු කළ බවත් වාර්තා වේ. කෙසේවෙතත්, වයිරසය ආසාදනය වී

Read More »

මෙල්බර්න් කොවිඩ් අධි අවධානම් ස්ථාන අතරට La Trobe විශ්ව විද්‍යාලයත්

මෙල්බර්න් නගරයේ කොවිඩ් ආසාධිත හා ආශ්‍රිතයන් ගමන් කල ස්ථාන ඇතුළත් නවතම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. La Trobe විශ්ව විද්‍යාලයේ පුස්තකාලයද අධි අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත. පසුගිය 25 වනදා පෙරවරු 11.45 ත් පස්වරු 03 ත් අතර එහි සිටි ඕනෑම අයෙකුට වහා නිරෝධායනය වන ලෙසත් පරීක්ෂාවකට යොමුවන ලෙසත් දන්වා තිබේ. මීට අමතරව Craigieburn හි Mount Ridley විද්‍යාලයද අවධානම් ස්ථාන අතරට අයත්. නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව මෙතැනින් : https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »

මෙල්බර්න් සිට ආ 10,000 ක් පරීක්ෂා කිරීමට Northern Territory බළධාරීන් සැරසෙයි

ගතවූ දින කිහිපය තුළ මෙල්බර්න් නගරයේ සිට පැමිණි 10,000 කට ආසන්න පිරිසක් වහා කොවිඩ් පරීක්ෂණවලට යොමු කිරීමට Northern Territory බලධාරීන් පියවර ගෙන තිබේ. මැයි 12 වනදා සිට පැමිණි පිරිස් මේ අතර වන බවයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චාර්ල්ස් පේන් කියාසිටියේ. මේ සඳහා ඩාර්වින් නගරයේ විශේෂ පරීක්ෂා මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබේ. දිනකට පුද්ගලයන් 1000 ක් පමණ එහි පරීක්ෂා කල හැකි අතර දින 10 ක් තුළදී අදාළ සියල්ලන් පරීක්ෂා කර අවසන් කිරීමයි Northern Territory බළධාරීන්ගේ සැළසුම වන්නේ.

Read More »

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 07 ක්

ගතවූ පැය 24 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 05 දෙනෙකු සමාජයෙන් වන අතර 02 දෙනෙකු හෝටල් නිරෝධායනයෙන් වනවා. සමාජයෙන් හමුවූ 05 දෙනා Whittlesea කොවිඩ් පොකුරට සම්බන්ධ දැයි මේ දක්වා නිශ්චිතව හෙළිවී නැහැ. ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී Brett Sutton ජනතාවට දන්වා සිටින්නේ රෝග ලක්ෂණ පවතී නම් වහා COVID පරීක්ෂණයකට යොමු වන ලෙසයි. https://twitter.com/VicGovDH/status/1398412693757956097?s=20  

Read More »

වික්ටෝරියා ප්‍රාන්තය තුල අවුරුදු 40 ට වැඩි ඕනෑම අයෙකුට කොරෝනා එන්නත

වයස අවුරුදු 40 ට වැඩි ඕනෑම වික්ටෝරියා වැසියකු කොරෝනා එන්නත සඳහා සුදුසුකම් ලබන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කොට තිබේ. එන්නත් ලබාගැනීමේ වේලාවන් වෙන්කිරීම සිදු කල පුද්ගලයින් හට එම එන්නත් ලබාගැනීම සඳහා නිවසින් පිටවීමට අවසර හිමිවේ. ප්‍රාන්තය තුල පවතින වත්මන් තත්වය මත දිනකට පුද්ගලයින් 30, 000ක පමණ දෙනා හට එන්නත් ලබාදීමට හැකියාව පවතී. නමුත් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන රැසක්ද එන්නත්කරන වැඩසටහනට සම්බන්ධ වීම මත සහ එන්නත් මාත්‍රා සැපයුම මත දිනකට ප්‍රාන්ත වැසියන් 100, 000කට එන්නත් ලබාදීම

Read More »