මෙල්බර්න් සිට ආ 10,000 ක් පරීක්ෂා කිරීමට Northern Territory බළධාරීන් සැරසෙයි

ගතවූ දින කිහිපය තුළ මෙල්බර්න් නගරයේ සිට පැමිණි 10,000 කට ආසන්න පිරිසක් වහා කොවිඩ් පරීක්ෂණවලට යොමු කිරීමට Northern Territory බලධාරීන් පියවර ගෙන තිබේ.

මැයි 12 වනදා සිට පැමිණි පිරිස් මේ අතර වන බවයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චාර්ල්ස් පේන් කියාසිටියේ.

මේ සඳහා ඩාර්වින් නගරයේ විශේෂ පරීක්ෂා මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබේ.

දිනකට පුද්ගලයන් 1000 ක් පමණ එහි පරීක්ෂා කල හැකි අතර දින 10 ක් තුළදී අදාළ සියල්ලන් පරීක්ෂා කර අවසන් කිරීමයි Northern Territory බළධාරීන්ගේ සැළසුම වන්නේ.

පැය 72 ක් තුළ ප්‍රථිඵල වාර්තා ලබාදීමටද අපේක්ෂා කෙරේ.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »