වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 10 ක් – පොකුර 15 තෙක් ඉහළ යයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ අනුව මෙල්බර්න් නගරයෙන් වාර්තාවන නව කොවිඩ් පොකුරේ මුලු ආසාධිතයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ යයි.

වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කලේ මෙම සියලු ආසාධිතයන් පැය 36 ක කාලය තුළදී හමුවූ බවයි.

ඔවුන්ගේ ආසාධිතයන් සොයා මේ වනවිට පුලුල් විමර්ශන ක්‍රියාත්මක බවද වැඩ බලන ආණ්ඩුකාරවරයා කියාසිටියා.

5 වන ආසාධිතයා ඊයේ නිවේදනය කරන ලද අතර එය 1 වන ආසාධිත සමීප සම්බන්ධතාවයකි.

6, 7, 8 සහ 9 ආසාධිතයන් 5 වන ආසාධිතයා සඳහා සමීප සම්බන්ධතා විය.

10, 11 සහ 12 ආසාධිතයන් 9 ආසාධිතයා සමග සේවා ස්ථානවල ප්‍රාථමික සමීප සම්බන්ධතා විය.

13 වන ආසාධිතයා 1 වන ආසාධිතයා සමග තවත් සම්බන්ධතාවයකි.

14 සහ 15 ආසාධිතයන් 9 හි සේවා ස්ථාන සම්බන්ධතා වේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »