කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඔස්ට්‍රෙිලියානු රජයෙන් මිලියන 952 ක උපකරණ

ශ්‍රී ලංකාවෙ කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම සිදු කෙරිනි.

රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන් රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් මෙහිදී පරිත්‍යාග කරන ලදි.

යුනිසෙෆ් සංවිධානයේ නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය (Ms.Emma Brigham) විසින් මෙම උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී සංකේතාත්මකව පරිත්‍යාග කළ අතර, ඔස්ට්‍රෙිලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (Mr. David Holly) සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය (Ms.Hanaa Singer-Hamdy) මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම උපකරණ බස්නාහිර පළාත ප්‍රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »