වික්ටෝරියා ප්‍රාන්තයේ QR Codes නියමයන් උල්ලංඝනය කරන ව්‍යාපාර ආයතනවලට දඩ

QR කේත (QR Codes) නියමයන් උල්ලංඝනය කරන වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර ආයතනවලට එරෙහිව දඩ පැණවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව QR කේත භාවිත නොකරන ආයතනවලින් ඩොලර් 1652 ක දඩයක් අය කිරීමට නියමිතයි.

දිගින් දිගටම එම නීති කඩ කරන ආයතනවලින් ඩොලර් 9913 ක දඩයක් අය කෙරෙනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර ස්ථානවලින් QR කේත නියමයන් කඩ කරන ප්‍රමාණය සියයට 37 ක් බව හඳුනාගෙන තිබේ.

ඔවුන්ට වාචිකව අවවාද කිරීම් 300 ක්ද නිවේදන ලෙස 165 ක් ද නිකුත් කර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කලේ.

කොවිඩ් තත්වය හමුවේ QR කේත සම්බන්ධයෙන් ඉතා දැඩිව නීති අනුගමනය කිරීමටයි වික්ටෝරියා රජය තීරණය කර ඇත්තේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »