2022 අවසන් වන තුරු ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත නොවේ

2022 වසර අවසානය වන තෙක් ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා සියලු රටවල් සඳහා විවෘත කිරීමක් සිදුනොවනු ඇති බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

එයද සැළකිල්ලට ගනිමින් අනිද්දා දිනයේදී අයවැය ලේඛනය ඉදිරිපත් කෙරෙන බවයි ඔහු සඳහන් කලේ.

රටවල් රැසක නැවත හිස ඔසවා ඇති කොවිඩ් වසංගත තත්වයෙන් ඔස්ටේ්‍රලියාව ගලවා ගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගය දේශ සීමා වසා තැබීම බව අගමැතිවරයාගේ ස්ථාවරයයි.

ආරක්ෂාකාරී යැයි හැගුණහොත් පමණක් දේශ සීමා විවෘත කිරීම සිදු කරන බවද මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැති මොරිසන් සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »