ඔස්ට්‍රේලියාවේ ජනගහණය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය හඳුනාගැනේ

ඔස්ට්‍රේලියාවේ ජනගහණය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය හඳුනාගෙන තිබෙනවා.

2022-2023 මූල්‍ය වර්ෂයට අදාළව සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව ග්‍රේටර් මෙල්බර්න්හි ජනගහණය සියයට 3.3කින් වර්ධනය වී ඇති අතර වික්ටෝරියාහි සෙසු කලාපවලට සාපේක්ෂව එය සියයට 1.1 වැඩිවීමක් බව සඳහන්.

මෙයට හේතු වූයේ සැලකිය යුතු විදේශ සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පැමිණිම සහ නව උපත් සංඛ්‍යාවේ වැඩිවීම බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

නවතම ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්තවල දැක්වෙන්නේ 2023 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 26.8ක් බවයි.

පසුගිය මාස 12ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවට පැමිණි විදේශ සංක්‍රමණිකයින් සංඛ්‍යාව 765900 ක් වන අතර මෙරටින් පිටවු සංක්‍රමණිකයින් සංඛ්‍යාව 217100 ක් බව සඳහන්.

ඒ අනුව මෙරට දැනට වාසය කරන ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව 548800ක් වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට පසුව ක්වින්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තයන්ගේ ජනගහණය ද ක්‍රමයෙන් වර්ධනය වන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »