Day: May 9, 2021

2022 අවසන් වන තුරු ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත නොවේ

2022 වසර අවසානය වන තෙක් ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා සියලු රටවල් සඳහා විවෘත කිරීමක් සිදුනොවනු ඇති බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. එයද සැළකිල්ලට ගනිමින් අනිද්දා දිනයේදී අයවැය ලේඛනය ඉදිරිපත් කෙරෙන බවයි ඔහු සඳහන් කලේ. රටවල් රැසක නැවත හිස ඔසවා ඇති කොවිඩ් වසංගත තත්වයෙන් ඔස්ටේ්‍රලියාව ගලවා ගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගය දේශ සීමා වසා තැබීම බව අගමැතිවරයාගේ ස්ථාවරයයි. ආරක්ෂාකාරී යැයි හැගුණහොත් පමණක් දේශ සීමා විවෘත කිරීම සිදු කරන බවද මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැති මොරිසන්

Read More »

ත්‍රස්ත ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙල්බර්න් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙල්බර්න් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Mohamed Zuhbi නම් මොහු තුර්කියෙන් පිටුවහල් කිරීමෙන් පසු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමෙන් පසුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. අයි එස් සංවිධානය සමග සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව යටතේ මොහු එරටදී මාස 18 ක සිර දඩුවමකටද ලක්ව තිබුණා. මෙම තැනැත්තා 2013 දී සිඩ්නි සිට තුර්කිය හරහා සිරියාවට ගොස් එහිදී අයි එස් සංවිධානය සමග ත්‍රස්ත කටයුතුවල නිරතවී තිබුණා. සිඩ්නි පදිංචිකරුවෙකු වන Mohamed Zuhbi දින 14 ක නිරෝධායනය අවසානයේ මෙල්බර්න් සිට සිඩ්නි රැඳවුම්

Read More »

උෂාන් තිවංකගෙන් උස පැනීමේ නව වාර්තාවක්

උස පැනීමේ ඉසව්වෙන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ උෂාන් තිවංක සමත්වී තිබෙනවා. ඒ අමෙරිකාවේ ටෙක්සස් හිදී පැවැත්වෙන ලෝන් ස්ටාර් ජවන හා පිටිය ශූරතාවලියේදීයි. මෙහිදී මීටර් 2 යි දසම 03 ක උසක් පැණ උෂාන් තිවංක විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබුවා. මෙය මෙම තරග සමයේ පිහිටුවන ලද ලෝක වාර්තා අතුරින් දෙවන ස්ථානයේ වාර්තාව සම කිරීමක්ද වනවා.

Read More »

චීන රොකට්ටුව ශ්‍රී ලංකාවට නිරිත දිගින් ඉන්දීය සාගරයට කඩා වැටේ

පාලනයෙන් ගිළිහුනු චීනයට අයත් ලෝන්ග් මාර්ච් 05 බී නම් රොකට්ටුව ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නිරිත දිගින් ඉන්දීය සාගර කලාපයට කඩා වැටී තිබෙනවා. චීන මාධ්‍ය වාර්තා කලේ එහි ඇතැම් සුන් බුන් කොටස් උඩු ගුවනේදී දැවී සාගර කලාපයට පතිත වී ඇති බවයි. ටොන් 18 ක් බරැති මෙම රොකට්ටුව පසුගිය මාර්තු මාසයේදී චීනය විසින් උඩු ගුවනට යවන ලද්දේ චීනය විසින් ඉදි කිරීමට නියමිත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු කොටසද සමගිනුයි.

Read More »