අප්‍රේල් 21 දා මෙල්බර්න් ගුවන් තොටුපළට ගිය පුද්ගලයන්ට දැනුම්දීමක්

පර්ත් සිට ගුවන් යානයකින් පැමිණි කොවිඩ් ආසාධිතයා වෙත නිරාවරණය වී ඇතැයි සැක කෙරෙන මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණි පුද්ගලයන්ට වහා කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස දැනුම්දීමක් සිදු කෙරේ.

ඒ අනුව පසුගිය 21 වනදා (බදාදා) පස්වරු 06 යි 30 ත් රාත්‍රී 07 යි 30 ත් අතර කාලයේදී මෙල්බර්න් ගුවන් තොටුපළේ ක්වන්ටාස් පර්යන්තයට (Terminal 1) පැමිණි කිසිවෙකු හෝ වෙතොත් එම සෞඛ්‍ය පියවර අනුගමනය කල යුතු වනවා.

Negative ප්‍රතිපලයක් ලැබෙන තුරු ඔවුන් හුදෙකලා විය යුතුය.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ “සීසීටීවී පරීක්ෂණවලින් පසුව” නව උපදෙස් නිකුත් කර ඇති බවයි.

විමර්ශන අඛණ්ඩව සිදුවන බැවින් “තවත් ස්ථාන” නිරාවරණ ස්ථාන ලෙස සැලකිය හැකි බවට දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

සම්පූර්ණ ක්වන්ටාස් ගුවන් යානය ද පරීක්ෂාවට ලක් කර දින 14 ක් හුදෙකලා වී සිටින ලෙස මගින්ට දන්වා තිබේ.

250 කට අධික පිරිසක් පර්ත් සිට මෙල්බර්න් දක්වා QF778 ගුවන් යානයේ ගමන් කර තිබේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »