වසර 23 කට පසු හොබාර්ට් ගුවන්තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානයක්

වසර 23 කට වැඩි කාලයක් තුළ හොබාර්ට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද ක්‍රියාත්මක වුණා.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට Air New Zealand NZ197 ගුවන් යානය හොබාර්ට් වෙත පැමිණියේ පෙරවරු 11 ට ය.

එය 1998 සිට හොබාර්ට් නගරයට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානයයි.

නවසීලන්තය සමඟ ට්‍රාන්ස් ටස්මන් සංචාරක බුබුලු සැකැස්ම නිසා මෙම ගුවන් ගමන සිදු කරන ලදී.

හොබාර්ට් හි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තය 1983 දී විවෘත කරන ලද අතර එය හොබාර්ට් සහ ක්‍රයිස්ට්චර්ච් අතර සෘජු ගුවන් ගමන් සඳහා වසර 15 ක් භාවිතා කරන ලදී.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »