රට පුරා කාළගුණයේ වෙනසක්

අද සිට ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක් සඳහා සිසිල් කාළගුණ තත්වයන් පුරෝකථනය කර ඇත.

සීතල සුළං ධාරා ගිනිකොන දෙසට ගමන් කරමින් ටස්මේනියාව සහ දකුණු වික්ටෝරියා වෙත තද සුළං ගෙන එනු ඇති අතර, අද සවස ටස්මේනියාවේ බටහිර හා දකුණු ප්‍රදේශවලට 90-110 Kmph අතර තද සුළං ඇති වේ.

මෙල්බර්න් – අද දින 21C ට වඩා ඉහළින් – හෙට සිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශක හතරක් දක්වා පහත වැටෙනු ඇත.

කැන්බරා සඳහා සිසිල් තත්වයන් ද අපේක්ෂා කෙරේ. අද උපරිම වශයෙන් 20C පසු හෙට සිට සාමාන්‍යයට වඩා අංශක තුනක් හෝ පහක් පහත වැටෙනු ඇත.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »