දකුණේ හෝටලයකදී යකා නැටූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද ???

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු දකුණු පළාතේ හෝටලයක පැවති උත්සවයකදී කළහයකට මැදිහත්වී ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා සත්‍ය දැයි තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කලේ ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරන්නේ යැයි ක්‍රිකට් කළමණාකරණ කමිටුව අවධාරණය කරන බවයි.

විනය විරෝධීව කිසියම් අයෙකු කටයුතු කරන්නේ නම් දැඩි පියවර ගන්නා බවද නිවේදනයේ සඳහන්.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් නව ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ඇති බවද නව කොන්ත්‍රාත් බලාත්මක කිරීමේදී එයද සක්‍රීය කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලා.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »