ජොන්සන් & ජොන්සන් එන්නත භාවිතයට නොගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කරයි

කොවිඩ් මර්දනය සඳහා එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට විශ්වාස කෙරෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඔස්ටේ‍රලියාව තුළ භාවිතයට නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

අදාළ නිෂ්පාදන සමාගම සමග පැවැත්වු සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කලේ.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ඇස්ට්‍රා-සෙනෙකා යන එන්නත් දෙකම එක හා සමාන ලක්ෂණවලින් සමන්විත බැවින් ඔස්ටේ්‍රලියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

දැනට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදෙන්නේද වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ට පමණක් වන අතර රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තාවීම ඊට හේතුවයි.

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »