Day: April 13, 2021

මෙල්බර්න් අහසේ අද අලුයම දිස්වූයේ UFO ද ?

මෙල්බර්න් නගරයේ අද අලුයම ස්ථාන රැසකදී දර්ශනය වු අද්භත එළි, UFO හෙවත් හඳුනා නොගත් පියාඹන වස්තු බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් අදහස් දක්වමින් සිටිනවා. අහස පුරා ඉතා දීප්තිමත් එළි මෙලෙස දර්ශනය වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මෙම එළි පෘථිවිය වටා කැරකෙන චන්ද්‍රිකා විය හැකි බවටයි විද්‍යාඥයන් මත පළ කරන්නේ. වික්ටෝරියා අභ්‍යවකාශ සංගමය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ACT – NSW ප්‍රාන්ත සීමා අසල සැහැල්ලු ගුවන් යානා අනතුරක් / 02 ක් මරුට

ඕස්ට්‍රේලියානු අගනුවර (ACT) සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව අසල සැහැල්ලු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. සවස 4.30 ට පමණ යානය Sutton  දී අනතුරට ලක්විය. පොලිස් ඒකක හතරක්, ගිලන්රථ කාර්ය මණ්ඩලය 3 ක් සහ ගිනි නිවන භටයින් ඒකක 3 ක් පිටත් කර යවන ලදී. අනතුරට හේතුව විමර්ශනය කෙරේ.

Read More »

ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 600 සීමාව පසු කරයි

තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 600 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ 602 ක් ලෙස වාර්තා වේ. එලෙස මරණයට පත්ව ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරුස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි  71 හැවිරිදි කාන්තාවක්, නාරහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Read More »

ජොන්සන් & ජොන්සන් එන්නත භාවිතයට නොගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කරයි

කොවිඩ් මර්දනය සඳහා එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට විශ්වාස කෙරෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඔස්ටේ‍රලියාව තුළ භාවිතයට නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. අදාළ නිෂ්පාදන සමාගම සමග පැවැත්වු සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කලේ. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ඇස්ට්‍රා-සෙනෙකා යන එන්නත් දෙකම එක හා සමාන ලක්ෂණවලින් සමන්විත බැවින් ඔස්ටේ්‍රලියාව මෙම තීරණය ගෙන තිබෙනවා. දැනට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදෙන්නේද වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ට පමණක් වන අතර රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තාවීම

Read More »

ඇස්ට්‍රා-සෙනෙකා භාවිතයෙන් පසු ඔස්ටේ්‍රලියාවේ 02 වන රුධිර කැටි ගැසීමේ සිදුවීමත් වාර්තා වෙයි

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතයෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වන දෙවන රුධිර කැටි ගැසීමේ සිදුවීම අද වාර්තා වුණා. වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක බටහිර ඔස්ටේ්‍රලියාවේ රෝහලකින් හඳුනාගෙන තිබෙනවා. ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතයෙන් පසු රුධිර කැටි ගැසීමේ පළමු සිදුවීම වාර්තාවූයේ මෙල්බර්න් නුවර රෝහලකිනුයි. දැනට ඔස්ටේ්‍රලියාව තුළ ලක්ෂ 07 කට වැඩි පිරිසකට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත දී ඇති අතර මේ වනවිට අවුරුදු 50 ට අඩු අය සඳහා එම එන්නත දීම අත්හිටුවා තිබෙනවා. එන්නත ලබාදී දින 04 ත් 20 ත් අතර කාලයේදී මෙම

Read More »