ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 600 සීමාව පසු කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 600 සීමාව පසු කරයි

ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 600 සීමාව පසු කරයි

තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 600 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ 602 ක් ලෙස වාර්තා වේ.

එලෙස මරණයට පත්ව ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරුස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි  71 හැවිරිදි කාන්තාවක්, නාරහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

COMMENTS