Day: April 13, 2021

Just In : ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබෙනවා. ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk නිවේදනය කලේ 80 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි. එම තැනැත්තා හෝටල් නිරෝධායනයේ යෙදී සිටියදී පසුගිය 25 වනදා රෝහල්ගත කර තිබුණා. මේ අනුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ යනවා. ප්‍රාන්තයේ දැනට කොවිඩ් තත්වය පහතින්. Tuesday 13 April – coronavirus cases in Queensland: • 0 new locally acquired, detected in hotel quarantine• 2 overseas

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවගේ විදුලි බිල කැපී පෙනෙන ලෙස අඩුවීමේ සුභ ආරංචියක් පිළිබඳ වාර්තා වනවා. ඒ දැනට විදුලි සැපයුම් ලබාදෙන මහා පරිමාණ සමාගම් සමග තරග කිරීමට ReAmped Energy නම් කුඩා සමාගමක් ක්ෂේත්‍රයට පිවිසීමත් සමගයි. Canstar Blue හි Simon Downes  පවසන්නේ මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි පාරිභෝගිකයන්ට අසන්නට ලැබෙන යහපත්ම ප්‍රවෘත්තිය වනු ඇති බවයි. ReAmped Energy සමාගමේ ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු අගයක පැවතීමයි මීට හේතුව වන්නේ. මේ අනුව නව සමාගමේ සබඳතා මිළදී ගන්නන්ට සියයට 24 ක් දක්වා වන ගාස්තු

Read More »