
ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතයෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වන දෙවන රුධිර කැටි ගැසීමේ සිදුවීම අද වාර්තා වුණා.
වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක බටහිර ඔස්ටේ්‍රලියාවේ රෝහලකින් හඳුනාගෙන තිබෙනවා.
ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතයෙන් පසු රුධිර කැටි ගැසීමේ පළමු සිදුවීම වාර්තාවූයේ මෙල්බර්න් නුවර රෝහලකිනුයි.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ ලක්ෂ 07 කට වැඩි පිරිසකට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත දී ඇති අතර මේ වනවිට අවුරුදු 50 ට අඩු අය සඳහා එම එන්නත දීම අත්හිටුවා තිබෙනවා.
එන්නත ලබාදී දින 04 ත් 20 ත් අතර කාලයේදී මෙම සංකූලතා මතුවිය හැකි බවටයි සෞඛ්‍ය අංශ සඳහන් කර තිබුණේ.
