සංචාරක බුබුළට අගමැති මොරිසන් ගේ ප්‍රසාදය

අප්‍රේල් මස 18 වැනිදා Wellington වෙලාවට අනුව රාත්‍රී 11.59ට සහ ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 9.59 ට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුල ආරම්භ වීමට නියමිතව තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ද නවසීලන්තයේ මෙම තීරණයට දැඩි සහයෝගයක් පලකොට තිබේ.

මෙය රටවල් දෙකම ලබාගත් ජයග්‍රහණයක් වන අතර රැකියා, පුද්ගල සම්බන්ධතා ඇතුළු වෙනත් බොහෝ ක්ෂේස්ත්‍ර ඔස්සේ නැවතත් දෙරට අතර සම්බන්ධතා ගොඩනැගෙන බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.

නවසීලන්තය වෙත සංචාරය කරන පිරිස, ලොව වෙනත් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සමග සම්බන්ධතාවයක් ඇති නොවන පරිදි ගුවන් තොටුපල වල සහ ගුවන් යානා වල “green zone” එක ඔස්සේ සිය සංචාරය සිදු කල යුතු වේ.

ඔස්ට්‍රේලියාව තුල Lockdown තත්වයක් මතු වුවහොත් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඉඩ පවතී.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »