IDH රෝහලෙන් සුබ ආරංචියක්

අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධාන රෝහල ලෙස ක්‍රියාත්මක වන්නේ අයි.ඩී.එච්. රෝහලයි.

කොරෝනා ආසාදිතයන් දෙසීයකට වැඩි පිරිසක් අයි.ඩී.එච්. රෝහලේ මෙයට පෙර ප්‍රතිකාර ගත් බව කී රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝගීන්  සංඛ්‍යාව මේ වන විට සියයකට ආසන් සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි ද ප්‍රකාශ කළේය.

රෝහලේ සියලුම වාට්ටු පසුගිය කාලයේ එක්තරා අවස්ථාවක සම්පූර්ණයෙන්ම පිරී පැවැතුණ බව ද අත්තනායක මහතා පවසයි.

එන්නත් කරණයත් සමගම කොරෝනා රෝග ව්‍යාත්තිය පහත බැසීමට  රෝගීන්  සංඛ්‍යාව අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව බවත් රෝගීන් සංඛ්‍යාව මෙලෙස අඩුවී ඇතත් ඕනෑම අවදානමකට මුහුණදීමට රෝහල් පහසුකම් සූදානම් බවත් එහි නිලධාරීහු පවසති.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »