Day: April 1, 2021

IDH රෝහලෙන් සුබ ආරංචියක්

අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධාන රෝහල ලෙස ක්‍රියාත්මක වන්නේ අයි.ඩී.එච්. රෝහලයි. කොරෝනා ආසාදිතයන් දෙසීයකට වැඩි පිරිසක් අයි.ඩී.එච්. රෝහලේ මෙයට පෙර ප්‍රතිකාර ගත් බව කී රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝගීන්  සංඛ්‍යාව මේ වන විට සියයකට ආසන් සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි ද ප්‍රකාශ කළේය. රෝහලේ සියලුම වාට්ටු පසුගිය කාලයේ එක්තරා අවස්ථාවක සම්පූර්ණයෙන්ම පිරී පැවැතුණ බව ද අත්තනායක මහතා පවසයි.

Read More »

Breaking: අතුරුදන්ව සිටි 06 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර හමුවෙයි

බදාදා පස්වරුවේ සිට අතුරුදන්ව සිටි 06 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. සෝදිසි කණ්ඩායම් සඳහන් කලේ කුඩා ජලාශයක් අසළ තිබී මීට ටික වේලාවකට පෙර එය හමුවූ බවයි. Down syndrome රෝගයෙන් පෙලුණු මෙම දරුවා Wallangra ප්‍රදේශයේ පිහිටි නිවසින් ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව සිටියා. පෙර පුවත NSW හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි දරුවෙකු සොයා සෝදිසි මෙහෙයුමක්

Read More »

මිළෙන් භාගයක් අඩු කල ගුවන් ටිකට් පත් 100,000 ක් පැය 12 කදී අලෙවි වී අවසන්

නියමිත මිළෙන් භාගයක් අඩු කල ගුවන් ටිකට් පත් 100,000 ක් පමණ පැය 12 කදී අලෙවි වී අවසන් වී තිබෙනවා. දේශීය සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ අරමුණ ඇතිවයි රජය මෙම වැඩපිළිවෙල හඳුන්වා දුන්නේ. එමගින් ඩොලර් බිලියන 01 යි දසම 02 ක මුදලක් උපයා ගැනීමට නියමිතයි. උප අගමැති Michael McCormack අද සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ පැවසුවේ Qantas සහ Jetstar යන ගුවන් සේවා විසින් ටිකට් 95,000 ක් පමණ අලෙවි කර ඇති බවයි. Virgin ගුවන් සමාගමද සැළකිය යුතු ප්‍රවේශපත්‍ර

Read More »

ගොඩනැගිල්ලක් තුළ අතරමං වෙලාද ? මෙන්න Google Maps වෙතින් විසඳුමක්

නිවාස හෝ ගොඩනැගිල්ලක් තුළදී අතරමංව සිටියදී පවා ඉන් පිටතට පැමිණීමට හැකිවන අයුරින් මාර්ගය සොයා දීමට හැකි නව විශේෂාංගයක් ගූගල් මැප්ස් විසින් හඳුන්වා දී තිබෙනවා. ගූගල් මැප්ස් ඇප්ලිකේෂනය විසින් ප්‍රකාශයට පත් කර ඇති වෙනස්කම් මාලාවට එයද අයත්. මේ අනුව ගුවන් තොටුපළකදී – දුම්රිය ස්ථානයකදී හෝ විශාල සාප්පු සංකීර්ණයකදී පවා ඔබ අතරමංව සිටී නම් නිසි ස්ථානයට පැමිණිමට ගූගල් මැප්ස් උපකාර වනු ඇති. මේ දක්වා ගූගල් මැප්ස් විසින් එම පහසුකම ලබා දී තිබුණේ බාහිර ස්ථාන සඳහා පමණයි. ඇන්ඩ්‍රොයිඩ්

Read More »

ලොව හොඳම නිර්මාණකරුවන් අතරට ගිය ලංකාවේ “අසංග”

වසර 28ක් පුරා අයිස් මූර්ති ශිල්පයේ නිරත වන අසංග අමරසිංහ මේ වන විට දිවි ගෙවන්නේ දකුණු ලන්ඩනයේ යි. එංගලන්තයේ ඉතා සුන්දර පරිසරයක පිහිටි ‘techne Ice’ ලෙස නම් කර ඇති ඔහුගේ අයිස් නිර්මාණ කුටිය ඉදිරිපිට සිට සිය මූර්ති නිර්මාණ දිවියේ කඩඉම්, ජයග්‍රහණ මෙන්ම බාධක ගැන ද දීර්ඝ විස්තරයක් පැවසීය. කුරුණෑගල ඉපිද හැදී වැඩුණු අසංගගේ සිත කුඩා කළ සිටම යොමු වී ඇත්තේ මූර්ති නිර්මාණකරණයටය. පාසල් කාලයෙන් පසු ආහාර ආශ්‍රිත මූර්ති කලාවේ නියැළුන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ

Read More »