Day: April 1, 2021

කොවිඩ් නිසා ප්‍රංශයේ පාසල් සති 03 කට වැසේ

ප්‍රංශයේ සියලු පාසල් අවම වශයෙන් සති 03 ක කාලයකට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එරට රූපවාහිනී නාලිකා ඔස්සේ ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රංශයේ ක්‍රියාත්මක නව රෙගුලාසි යටතේ එම පියවර ගන්නා බවයි. ඒ අනුව ලබන සතියේ සිට දුරස්ථ ඉගැනුම් ක්‍රමවේදය යටතේ පාසල්වල වැඩ කටයුතු සිදු වන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ මස මුලදී ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට පමණක්

Read More »
PFIZER

ඔස්ටේ්‍රලියාව තුළත් භාවිත වන ෆයිසර් එන්නත ගැන අලුත් හෙළිදරව්වක්

කොවිඩ් එන්නත් මෙතෙක් ළමුන් සඳහා නිර්දේශ කර නැත. නමුත් පසුගියදා අමෙරිකාවේ වයස අවුරුදු 12-15ත් අතර ළමුන් ට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත අත්හදාබැලිය. ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම වයස් කාණ්ඩය සඳහා ද “ෆයිසර් බයෝඑන්ටෙක්“ එන්නත 100%ක් සාර්ථක බවය. එම ප්‍රතිඵල අමෙරිකානු බලධාරීන්ට ඉදිරිපත් කර හදිසි අනුමැතිය ලබාගැනීමට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත නිපදවන සමාගම සුදානමින් සිටී. ෆයිසර් එන්නත ඔස්ටේ්‍රලියාව තුළද භාවිත කෙරේ.

Read More »

NSW හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි දරුවෙකු සොයා සෝදිසි මෙහෙයුමක්

නිවු සවුත් වේල්ස් හි ළඳු කැලෑ ප්‍රදේශයකදී අතුරුදන්වූ 06 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා. Down syndrome රෝගයෙන් පෙලුණු දරුවෙකුයි මෙලෙස අතුරුදන්වී ඇත්තේ. Wallangra හි පිහිටි සිය නිවසේදී අවසන්වරට මොහු දැක ඇත්තේ ඊයේ (බදාදා) පස්වරු 04 ටයි. සෝදිසි මෙහෙයුම සඳහා මේ වනවිට පොලිසිය / ගුවන් හමුදා යානා යොදවා තිබෙනවා.

Read More »
Annastacia Palaszczuk

Greater Brisbane හි Lockdown තත්වය අද දහවල් 12 සිට ඉවතට

Greater Brisbane කලාපයට පණවා ඇති Lockdown තත්වය අද දහවල් 12 සිට ඉවත් කරන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk නිාව්දනය කරනවා. එහෙත් මුව ආවරණ පැළඳීම ඇතුලු නිරෝධායන රෙගුලාසි ඉදිරි සති 02 සඳහා ද බලාත්මක වනු ඇති. අද දිනයේදී ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 09 දෙනෙකුම හෝටල් නිරෝධායනයෙන් වන අතර අනෙක් ආසාධිතයා මීට පෙර වාර්තා වූ පොකුරකට අයත් වනවා.

Read More »

ලංකාවේ පල්ලි සහ හෝටල් සඳහා අද සිට විශේෂ ආරක්ෂාවක්

පල්ලි සහ හෝටල් ඇතුළු ප්‍රධාන ස්ථානවල විශේෂ ආරක්ෂක සැලැස්මක් අප්‍රේල් 1 සිට 5 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කරන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසීය. පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රියෙල් 4 වන ඉරිදා සනිටුහන් වන අතර එය 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දෙවන සංවත්සරය සමරයි. ප්‍රදේශ නිශ්චිත තක්සේරු කිරීම් සහ අවශ්‍ය ආරක්ෂක අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා යුද හමුදා මූලස්ථානය ආරක්ෂක හමුදාපතිවරුන්ට නිශ්චිත උපදෙස් නිකුත් කර ඇති බව

Read More »