කොවිඩ් නිසා ප්‍රංශයේ පාසල් සති 03 කට වැසේ

ප්‍රංශයේ සියලු පාසල් අවම වශයෙන් සති 03 ක කාලයකට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
එරට රූපවාහිනී නාලිකා ඔස්සේ ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රංශයේ ක්‍රියාත්මක නව රෙගුලාසි යටතේ එම පියවර ගන්නා බවයි.
ඒ අනුව ලබන සතියේ සිට දුරස්ථ ඉගැනුම් ක්‍රමවේදය යටතේ පාසල්වල වැඩ කටයුතු සිදු වන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ මස මුලදී ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට පමණක් පනවා තිබූ අගුලු දැමීමේ පියවර මේ වනවිට අනෙකුත් නගර දක්වා ද දීර්ඝ කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි එරට අත්‍යාවශ්‍ය නොවන සියළු වෙළදසැල් තාවකාලිකව වසා දැමීමට නියමිතයි.

එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවකට හැර වෙනත් කිසිදු කරුණක් හේතුවෙන් පුද්ගලයින්ට සිය නිවසේ සිට කිලෝ මීටර් 10 කට වඩා දුරක් ගමන් කළ නොහැකි වනවා.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »