Search

මිළෙන් භාගයක් අඩු කල ගුවන් ටිකට් පත් 100,000 ක් පැය 12 කදී අලෙවි වී අවසන්

නියමිත මිළෙන් භාගයක් අඩු කල ගුවන් ටිකට් පත් 100,000 ක් පමණ පැය 12 කදී අලෙවි වී අවසන් වී තිබෙනවා.

දේශීය සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ අරමුණ ඇතිවයි රජය මෙම වැඩපිළිවෙල හඳුන්වා දුන්නේ.

එමගින් ඩොලර් බිලියන 01 යි දසම 02 ක මුදලක් උපයා ගැනීමට නියමිතයි.

උප අගමැති Michael McCormack අද සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ පැවසුවේ Qantas සහ Jetstar යන ගුවන් සේවා විසින් ටිකට් 95,000 ක් පමණ අලෙවි කර ඇති බවයි.

Virgin ගුවන් සමාගමද සැළකිය යුතු ප්‍රවේශපත්‍ර ප්‍රමානයක් අලෙවි කර තිබෙනවා.

මාස 03 ක් තුළ ටිකට් ලක්ෂ 08 ක් අලෙවි කර ගැනීමයි අරමුණ වී ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »