ලොව හොඳම නිර්මාණකරුවන් අතරට ගිය ලංකාවේ “අසංග”

වසර 28ක් පුරා අයිස් මූර්ති ශිල්පයේ නිරත වන අසංග අමරසිංහ මේ වන විට දිවි ගෙවන්නේ දකුණු ලන්ඩනයේ යි.
එංගලන්තයේ ඉතා සුන්දර පරිසරයක පිහිටි ‘techne Ice’ ලෙස නම් කර ඇති ඔහුගේ අයිස් නිර්මාණ කුටිය ඉදිරිපිට සිට සිය මූර්ති නිර්මාණ දිවියේ කඩඉම්, ජයග්‍රහණ මෙන්ම බාධක ගැන ද දීර්ඝ විස්තරයක් පැවසීය.
කුරුණෑගල ඉපිද හැදී වැඩුණු අසංගගේ සිත කුඩා කළ සිටම යොමු වී ඇත්තේ මූර්ති නිර්මාණකරණයටය.
පාසල් කාලයෙන් පසු ආහාර ආශ්‍රිත මූර්ති කලාවේ නියැළුන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල්වල රැකියාවේ නිරත වී තිබේ.

‘ලොව සිටින හොඳම අයිස් මූර්ති ශිල්පීන්ගෙන් කෙනෙකු’ ලෙස විදෙස් මාධ්‍ය අසංගව හඳුන්වා දී තිබේ.
එක්සත් රාජධානියේ රාජකීය උත්සව බොහොමයකට ඔහු සිය අයිස් නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, 2012 දී රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරුම් උත්සවය සහ විලියම් කුමරු සහ කේට් ආදිපාදවරියගේ විවාහ උත්සවය වෙනුවෙන් තැනූ මූර්ති ඒ අතරින් විශේෂයි.
ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියගේ විවාහ උත්සවයට මීටර 8ක් උස මීටර 18ක් දිග අයිස් මාලිගාවක් තැනීම සිය නිර්මාණ දිවිය තුළ සිදුකළ බරපතලම රාජකාරියක් බව අසංග පැවසීය.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »