රටින් ගෙන්වූ පොල්තෙල් පමණක් නොව ලංකාව තුළ නිපදවූ තෙල් තුළත් විෂ කාරක ???

ආනයනික පොල්තෙල්වල පමණක් නොව දේශීයව නිපදවන පොල්තෙල් තුලද ඇෆ්ලටොක්සින් නැමති පිළිකාකාරකය තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන කියා සිටියේ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් රැසකට නඩු පවරා ඇති බවයි.

දේශීය තෙල් මෝල් තුල පොල්තෙල් නිෂ්පාදනයේදී පුස් බැඳුනු සහ අපිරිසිඳු කොප්පරා භාවිත කිරීම මගින් ඇෆ්ලටොක්සින් නැමති විෂ රසායනය පොල්තෙල්වලට එකතුවන බවයි වෛද්‍ය තිලක් සිරිවර්ධන පෙන්වා දෙන්නේ.

එවැනි ආකාරයේ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් හඳුනාගැනීම සඳහා දීර්ඝ කාලයක සිට අඛණ්ඩව වැටලීම් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

මේවනවිට මතබේදයට තුඩු දී ඇති ආනයනික පොල්තෙල් බහාලුම් 13න් සමාගම් 3කට අයත් තෙල් තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වී ඇති බැවින් ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රි ලංකා රේගුව සතු වගකීමක් බවයි වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා කියා සිටියේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »