ලංකාව ඇතුලු රටවලට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කරයි

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක දැනට භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එරට තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඉදිරි සතිවල එන්නතට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවට තක්සේරු කිරිමත් සමගයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ.

මෙය තාවකාලික පියවරක් පමණක් වුවද ලබන අප්‍රේල් මාසය අවසන්වන තෙක් එම තීරණය බලාත්මක වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කොවැක්ස් පහසුකම යටතේ එන්නත අපේක්ෂාවෙන් සිටි රටවල් 190 කට පමණ මෙමගින් බලපෑම් එල්ලවනු ඇතැයිද සඳහන්.

ඉන්දියාවේ එන්නත් නිපදවන විශාලතම ආයතනය වන පූනේ හි පිහිටා ඇති සීරම් ආයතනයද පසුගිය දින කිහිපයේදී මහා බි්‍රතාන්‍යය – බ්‍රසීලය ඇතුලු රටවල් කිහිපයකට එන්නත් අපනයනය කිරීම ප්‍රමාද කර තිබුණා.

මේ වනවිට රටවල් 76 කට ඉන්දියාව විසින් ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටි 06 කට අධිකයි.

ඊයේ දිනයේදී ඉන්දියාව තුළ කොවිඩ් ආසාධිතයන් 47 000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබූ අතර එය මෙම වසරේදී එරටින් සටහන්වූ වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යාවයි.

වයස අවුරුදු 45 ට වැඩි සියල්ලන් සඳහා ලබන පළමුවනදා සිට එන්නත්කරණය ආරම්භ කිරීමටයි ඉන්දීය රජය සැළසුම් කර ඇත්තේ.

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »