අමෙරිකාවේ වෙඩි තැබීමකින් 10 ක් මරුට

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක් තුල මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුපිරි වෙළදසැලට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් විනාඩි 20 කට ආසන්න කාලයක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මියගිය පුද්ගලයින් 10 දෙනා අතර පොලිස් නිළධාරියෙක්ද සිටින අතර මේ වනවිට වෙඩිතැබීම සිදුකල පුද්ගලයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ද යන්න සම්බන්දයෙන් තවමත් කරුණු අණාවරන වී නැහැ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »