වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට සුභාරංචියක් – සිකුරාදා සිට Face-mask අනිවාර්ය නෑ

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිරෝධායන රෙගුලාසි තවත් ලිහිල් කර තිබෙනවා.

මේ අනුව ලබන සිකුරාදා පස්වරු 06 න් පසු සුපිරි වෙළඳසැල් ඇතුලු අලෙවි ස්ථාන මෙන්ම ස්ථාන රැසක මුව ආවරණ පැළඳීමද අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවා / කුලී රථ / වැඩිහිටි නිවාස හා රෝහල්වල තවදුරටත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

මේ අතර නිවාස වල පවත්වන උත්සව සඳහා උපරිමය 100 දෙනෙකු සහ බාහිර උත්සව සඳහා උපරිමය 200 දෙනෙකු සහභාගී කරවා ගැනීමටද අවසර ලබාදී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය විසින් මෙම ලිහිල් කිරීම් සිදුකර ඇත්තේ පසුගිය දෙසැම්බර් 10 වනදායින් පසු පළමු වරට කොවිඩ් ආසාධිතයෙකු හමු නොවූ දිනය ලෙස අද සටහන්වීමත් සමගයි.

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »