Facebook කණගාටුව පළ කරයි

ලොව පුරා බිඳ වැටී තිබූ ෆේස්බුක් සමාගමේ සියලු සේවා යථා තත්ත්වයට පත් කර තිබේ.

ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවන් බිඳ වැටී තිබුණි.

ලොව පුරා සිටින පරිශීලකයින් පැවසුවේ, අදාළ සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි.

කෙසේවෙතත් මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ.

සිදු වූ බිඳ වැටීම හමුවේ සිය පරිශීලකයින් පත්වූ අපහසුතාව පිළිබද කණගාටුව පළ කරන බව ෆේස්බුක් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »