Day: March 20, 2021

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට කොරෝනා

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශකයෙක් වන ෆයිසාල් සුල්තාන් සිය නිළ ටිව්ටර් ගිණුමේ සටහන තබමින් මේ බව තහවුරු කළා. ඉම්රාන් ඛාන් මහතා මීට දින දෙකකට පෙර කොරෝනා මර්ධන එන්නතද ලබාගෙන තිබුනා. මේ වන විට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නිවාස නිරෝධායනයට යොමු කර ඇති බවද අදාල ටිව්ටර් පණිවිඩයේ සදහන්.

Read More »

Facebook කණගාටුව පළ කරයි

ලොව පුරා බිඳ වැටී තිබූ ෆේස්බුක් සමාගමේ සියලු සේවා යථා තත්ත්වයට පත් කර තිබේ. ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවන් බිඳ වැටී තිබුණි. ලොව පුරා සිටින පරිශීලකයින් පැවසුවේ, අදාළ සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි. කෙසේවෙතත් මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ. සිදු වූ බිඳ වැටීම හමුවේ සිය පරිශීලකයින් පත්වූ අපහසුතාව පිළිබද

Read More »

Weather Update : ඉදිරි දිනවලත් සිඩ්නි නුවරට මහ වැසි

සිඩ්නි නගරයට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්වය හේතුවෙන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇතැයි බළධාරීන් පවසනවා. මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර නිවාස ගණනාවක්ද විනාශ වී ඇති බවයි වාර්තා සඳහන් කලේ. සිඩ්නි නගරය අවට පිහිටා ඇති ගංගා වේලි ගණනාවක් පිටාර ගලා යාමේ අවධානමක්ද හටගෙන තිබෙනවා. සති අන්තය තුළදි සිඩ්නි නගරයට මිලි මීටර් 100 ඉක්මවූ ධාරාණිපාතප වර්ෂාවක් ඇද හැලෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Read More »

පැරෂුට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් ගුවන් හමුදා නිළධාරියෙකු ජීවිතක්ෂයට

අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ගුවන් හමුදා බළගන නායක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදාසන සිදුවූ මෙම අනතුරින් තවත් ගුවන් හමුදා සැරයන්වරයෙකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විf–සිංහ මහතා කියා සිටියේ. මෙම ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනා අද උදාසන පුහුණුවීමක් සඳහා අඩි 3500ක උසක සිට පැරෂුටයකින් පහතට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී සුළං තත්වයේ සිදුවූ හදිසි වෙනසකින් නිළධාරින් දෙදෙනාගේ පැරෂුට දෙක එකිනෙක පැටලී

Read More »

පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි : අනතුරෙන් 14ක් ජිවිතක්ෂයට

පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ. බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

Read More »