කොරෝනා සමයේ ලොව සතුටින් සිටි රටවල් අතරේ ඕස්ට්‍රේලියාවට සහ ලංකාවට ලැබී ඇති ස්ථාන මෙන්න​

ලොව වඩාත්ම සතුටින් සිටින රටවල් දර්ශකයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව 130 වන ස්ථානයේ රැඳී සිටි අතර මෙවර 129 වන ස්ථානයට පත්ව තිබෙනවා.

අඛණ්ඩව 04 වන වරටත් මෙවරත් දර්ශකයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ෆින්ලන්තයයි.

රටවල් 149 ක් අතුරින් ඉන්දියාව 139 වන ස්ථානයට පත්ව සිටිනවා.

පකිස්ථානය 105 වන ස්ථානයේත් / චීනය 84 වන ස්ථානයේත් / ඔස්ටේ්‍රලියාව 11 වන ස්ථානයේත් පසුවනවා.

දර්ශකයේ මුල් ස්ථාන 10 සැළකූවිට රටවල් 09 ක්ම යුරෝපා රටවල් වන අතර ඉන් බැහැර රටකට සිටිනුයේ නවසීලන්තය පමණයි.

ආසියානු රටක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ සිංගප්පූරුවයි.

ඔවුන් 32 වන ස්ථානයේ පසුවනවා. ලොව වඩාත්ම සතුටින් සිටින රටවල් දර්ශකයේ අවසන් ස්ථානයට පත්ව සිටින්නේ ඇෆ්ඝනිස්ථානයයි.

සෞඛ්‍ය පහසුකම් / දළ දේශීය නිෂ්පාදිතය / මානව සංවර්ධන දර්ශක වැනි කරුණු සළකා බැලීමෙනුයි ලොව වඩාත්ම සතුටින් සිටින රටවල් දර්ශකය සකස් කෙරෙනුයේ.

 

වැඩි විස්තර​: https://happiness-report.s3.amazonaws.com/2021/WHR+21.pdf

 

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »