ඩිල්ශාන්ගේ සුපිරි ඉණිමෙන් ප්‍රවීණයන් උඩටම

රෝඩ් සේෆ්ටි ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති එංගලන්ත ප්‍රවීණයන්ට එරෙහි තරගයෙන් කඩුලු 06 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන් සමත්වුණා.

රායිපූර් හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 දී කඩුලු 09 ක් දැවී ලබාගත්තේ ළකුණු 78 ක් පමණයි.

ටී එම් ඩිල්ශාන් ළකුණු 06 කට කඩුලු 04 ක් බිඳ හෙලුවා.

රංගන හේරත් ළකුණු 17 කට කඩුලු 02 යි.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර 07 යි පන්දු 03 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

ටී එම් ඩිල්ශාන් නොදැවී 61 යි.

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »