Day: March 15, 2021

අගුණකොළපැළැස්ස හිර ගෙදරින් හමුවූයේ රංජන්ට දෙන්න ගෙනා Phone එකක් ???

අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අයත් Y අංශය අසල තිබී සොයාගත් ජංගම දුරකථනයක් ඉදිරි පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකල සෝදිසියකදීයි එය හමුවී ඇත්තේ. මෙහිදී Y අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ ඉමි අංකය සඳහන් නොවන ස්මාර්ට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා. මෙම වයි අංශය තුළ රංජන් රාමනායක ඇතුලූ තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බවයි බන්ධනාගාර

Read More »

ඔස්ටේ්‍රලියාවේත් වවන ලෝකයේ මිළ වැඩිම දොඩම් කමුද ??

1970 දශකයේ මුල භාගයේ දී ජපානයේ නව දොඩම් ප්‍රභේදයක් බිහිවුණා. ඩෙකොපොන් යන නමින් හැඳින්වෙන එම දොඩම් ප්‍රභේදය ක්‍රමයෙන් ලොව පුරා ජනප්‍රිය වුණා. එම ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළ ගිය නිසා එය අද වන විට ලොව මිල අධිකම දොඩම් වර්ගය බවට පත්ව තිබෙනවා. වර්තමානය වන විට ඩෙකොපොන් දොඩම් ජපානය, ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, බ්‍රසීලය, චීනය වැනි රටවල්වල වගා කරනවා. මෙම දොඩම් වර්ගයේ ගෙඩියක උඩ කොටස ජපන් සුමෝ සටන්කරුවෙකුගේ හිසක් මෙන් දිස්වන නිසා මෙය සුමෝ දොඩම් ලෙසින් ද හඳුන්වනවා. සාමාන්‍යයෙන් ඩෙකොපොන්

Read More »

සිඩ්නි කොවිඩ් ආසාධිතයා Coles ඇතුලු ස්ථාන කිහිපයකටත් ගිහින්

සිඩ්නි නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයෙකු ප්‍රසිද්ධ ස්ථාන රැසකට ගමන් කර ඇතැයි අනාවරණ වීමත් සමග මහජන සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. මේ අනුව මාර්තු 10 වනදා පස්වරු 04 යි 15 ත් සවස 05 යි 30 ත් අතර කාලයේදී Hurstville Aquatic Leisure Centre, (in the stadium and gymnasium area) හි සිටි අයෙකු හෝ මාර්තු 13 වන සෙනසුරාදා Coles at Hurstville station හි සිටි අයෙකු වෙතොත් වහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ. Public Health

Read More »

කාන්තා හිංසනවලට එරෙහිව ඔස්ටේ්‍රලියාව පුරා විරෝධතා

රට තුළ සිදුවන කාන්තා හිංසන සහ ලිංගික අතවරවලට විරෝධය පළකරමින් ඔස්ටේ්‍රලියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රධාන නගර රැසක විරෝධතාවලට එක්වී සිටිනවා. පාර්ලිමේන්තුව අසලද දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඔස්ටේ්‍රලියාවේ ආයතනවල ප්‍රධාන තනතුරු දරන කාන්තාවන් මෙන්ම මැති ඇමතිනියන් පවා අතීතයේ තමන් මුහුණ පෑ අතවර පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමත් සමග කාන්තා හිංසන සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කථාබහක් නිර්මාණය වී තිබෙනවා. පවතින තත්වයට එරෙහිව කටයුතු කිරීමට ඔස්ටේ්‍රලියා රජයේ පිළිවෙත ලිහිල් එකක් බවටයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.

Read More »