Day: March 15, 2021

බ්‍රිස්බන් නගරයේ හෝටලයකට අගුලු දමයි

කොවිඩ් ආසාධිතයන් කිහිපදෙනෙකු හමුවීමත් සමග බ්‍රිස්බන් නගරයේ හෝටලයකට සංචරණ සිමා පණවා තිබෙනවා. වෛද්‍යවරයෙකුද වෛරස ආසාධිතයන් අතර වන බවටයි හඳුනාගෙන ඇත්තේ. හෝටල් නිරෝධායනයේ සිටි අය අතුරින් ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 06 ක්. මේ අතර සිඩ්නි නගරයේ හෝටල් ආරක්ෂකයෙකුද වෛරස ආසාධිතයෙකු ලෙස ඊයේ හඳුනා ගැණුනා. කෙසේවෙතත් ඔහුගෙන් වෛරසය සම්ප්‍රේෂණය වූ කිසිවෙකුත් මේ දක්වා වාර්තා වී නොමැති බවයි බළධාරීන් කියාසිටියේ. ක්වීන්ස්ලන්ඩ් හා නිව් සවුත් වේල්ස් කොවිඩ් තත්වය පහතින් Monday 15 March –

Read More »

ලොව පුරා නිවුන් දරු උපත් වැඩිවෙද්දි ඔස්ටේ්‍රලියාවේ අඩුවෙන හේතුව

ලෝකය පුරා නිවුන් දරු උපත් සිදුවීම් වාර්තාවීම අනපේක්ෂිත අන්දමින් ඉහළගොස් තිබෙනවා. රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක වාර්තා හා විශ්ලේෂණ මේ සඳහා භාවිත කර ඇති බව සඳහන්. මේ වනවිට මව්වරුන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහි කරන බවටයි වාර්තා පළවන්නේ. පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය ද්විත්ව උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇතැයි තොරතුරු වාර්තා වනවා. 1980 න් පසු නිවුන් දරු උපත් ඉහළ යාමත් සමග වැඩිම නිවුන් දරු උපත් වාර්තා වන්නේ, උතුරු අමෙරිකාවෙන්. එය 71%

Read More »

ෆේස්බුක් හොර දොස්තරලාට අගමැති මොරිසන්ගෙන් දොස්

ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ (14) වනදා සිඩ්නි නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකදී ලබා ගත්තා. සමාජ මාධ්‍ය ඔස්සේ එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන චෝදනාවලට දැඩි දෝස්මුරයක් එල්ල කරන්නත් ඔහු අමතක කලේ නැහැ. ගූගල් – ෆේස්බුක් වල ඉන්නේ වගකීමක් නැති දොස්තරවරු කියලයි අගමැතිවරයා චෝදනා කලේ. මේ වෙනකොට ඔස්ටේ්‍රලියාවේ එක් ලක්ෂ පනස් දහසකට විතර ෆයිසර් එන්නත ලබාදීලා අවසන්.

Read More »

ඩිල්ශාන්ගේ සුපිරි ඉණිමෙන් ප්‍රවීණයන් උඩටම

රෝඩ් සේෆ්ටි ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති එංගලන්ත ප්‍රවීණයන්ට එරෙහි තරගයෙන් කඩුලු 06 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන් සමත්වුණා. රායිපූර් හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 දී කඩුලු 09 ක් දැවී ලබාගත්තේ ළකුණු 78 ක් පමණයි. ටී එම් ඩිල්ශාන් ළකුණු 06 කට කඩුලු 04 ක් බිඳ හෙලුවා. රංගන හේරත් ළකුණු 17 කට කඩුලු 02 යි. පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර 07 යි පන්දු 03 ක් අවසානයේ ජයග්‍රාහී

Read More »

ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවට යන අයට සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල සිට මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටිය යුතු දින ගණන දින 7ක් දක්වා අඩු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සිය නිවෙස් තුල නිරෝධායනය වීමට අවස්ථාව දෙන ලෙසද තමන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු පැවසුවේ. නිරෝධායන මධ්‍යස්ථාන වලින් දින 7 කට පසුව පිටත්කර යවන පුද්ගලයින් තවත් දින 7 ක කාළයක් නිවාස

Read More »